Rose
Quartz- රෝස පලිගු
රෝස පලිගු යනු,
අර්ධ මැණික් පාෂාණ
කාණ්ඩයට අයත් රෝස
පැහැ පාෂාණයකි.
රෝස පලිගු මඟින්
සංකේතවත් කරන,
චක්‍ර - හෘද
චක්‍ර
ග්‍රහයන් - සිකුරු
මූලද්‍රව්‍ය
- පෘථුවි, ජල
රෝස පලිගු විශ්වීය
ප්‍රේමය විදහාදක්වන
පාෂාණයයි. සබඳතාවයන් අතර විශ්වාසය
හා සමගිය ඇති
කිරීමට සමත් වන රෝස පලිගු වලට,
කොන්දේසි විරහිත ප්‍රේමය, මිත්‍රත්වය, අභ්‍යන්තර සුවය
හා සාමකාමී සිතිවිලි
වර්ධනය කිරීමටද හැකියාව
සතුය. මෙම පාෂාණ
මඟින් ඍණාත්මක සිතිවිලි
පහ කරන අතරම තමා
කෙරෙහි ආත්ම විශ්වාසය
හා ආත්ම තෘප්තිය
ගොඩනගා ගැනීමට උපකාරී
වේ.
රෝස පලිගු හෘදයවස්තුව
හා රුධිර සංසරණ
පද්ධතිය ශක්තිමත් හා
සමතුලිත කිරීමට හේතු
වනවා සේම ශරීර
තරලයන්හි කැටි වුනු
අපිරිසිදු අංශු මුදා
හැරීමටත් දායක වේ.
ළෙඩ රෝග වලින්
සුවපත් වීම ඉක්මන්
කිරීම, අධි රුධිර
පීඩනය අඩු කිරීම,
හෘදය හා පෙනහළු
වල මනා ක්‍රියාවලියට දායක වීම,
වකුගඩු අධිවෘක්ක හා
කශේරුකා සමනය කිරීම,
ලියුකේමියා රෝගයෙන් පෙළෙන්නන් හට
ශරීර ශක්තිය ලබාදීමට
උපකාරී වීම, ගැබිණි
මව්වරුන් මෙන්ම නූපන්
බිළිඳුන්ගේ සෞඛ්‍යය
ආරක්ෂා කිරීම ආදී
සෞඛ්‍යමය යහගුණ
රැසක් රෝස පලිගු
සතු වීමත් විදහා
දැක්විය යුතුමය.
ජපන් ෆෙන්ග්-ෂුයි
ක්‍රම පුරුදුකරන්නන්
හා පරිපූර්ණ වෛද්‍යවරුන් අතර
රෝස පලිගු ප්‍රචලිත වන්නෙ
ඒවායේ ඇති සුව කිරීමේ
ගුණාංග නිසාවෙන්මය. ෆෙන්ග්-ෂුයි හිදී,
රෝස පලිගු මඟින්
මානසික ආතතිය අවම
කර හැඟීම් පාලනය
කරන බව විශ්වාස
කෙරෙන අතර පරිපුර්ණ
වෛද්‍යවරුන් රෝස
පලිගු හෘදයවස්තුව හා
සම්බන්ධව යොදා ගනියි.
Doro Rock SL
Gift items, Jewelers
items and Hotel Service Shop
Island & World Wild
Delivery
Not Applicable
All in one business solutions provider to develop entrepreneurs to next level
Copyright © 2020-2021 comtra.lk All rights reserved.